ඊසොප්ගේ උපමා කතා
ක්රිස්තු පූර්ව 6 වන සියවසෙහි ග්රීසියෙහි ජීවත් වූ ඊසොප් ගේ උපදේශාත්මක කතා වසර දහස් ගණනක් පැවත ආවේ කට වහරිනි. මෙම කතා තනි පුද්ගලයෙකුගේ නිර්මාණයක් නොව පැරණි ජන කතා වල එකතුවක් ලෙස ද සැළකේ. මෙම කතන්දර ලොව පුරා විවිධ ප්රදේශ වලද සුළු වෙනස් කම් සහිතව ප්රචලිත වී ඇත. ලොකු කුඩා සැමට සමාජ, දේශපාලනික අවබෝධයක් ලබා ගත හැකි කතන්දර රැසක් මෙහි අන්තර්ගත වෙයි.